29.4 C
Galle

යාලට ඇතුළු වූ විදේශිකයෙක් ආගිය අතක් නෑ

Published:

මැලේසියානු ජාතික සංචාරකු යාල වනෝද්‍යානයේ දී අතුරුදන්ව ඇතැයි කිරින්ද පොලිසිය කියයි.

මෙම සංචාරකයා ඊයේ (24) කැබ් රථයක රියදුරා ද සමඟ වනාන්තරයට ඇතුළු වී තිබේ. මැණික් ගඟ මෝය  ආසන්නයේ දී රථයෙන් බැස මුහුද දෙසට ඇවිදගෙන ගිය ඔහු නැවත නොපැමිණි කැබ් රථයේ රියදුරා පොලිසියට ප්‍රකාශ කර ඇත.

යාල පලටුපාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ කිරින්ද පොලිසියේ නිලධාරීන් එක්ව අතුරුදන්ව සිටින එම සංචාරකයා සොයා මෙහෙයුමක් දියත් කර ඇත. ඔහු මුහුදට බැස ගිලී අතුරුදන් වූවා ද නැතිනම් වනෝද්‍යානයට ඇතුළු වී අතුරුදන් වූවා ද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!