29.4 C
Galle

මයන්ත දිසානායක සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Published:

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට පත් වූ මයන්ත දිසානායක අද (25) එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛව පක්ෂයෙන් එල්ල වූ විරෝධතා හේතුවෙනි.

ඔහුගේ නම එම ධූරයට යෝජනා කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එම ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා කළද එම ධූරයට තේරී පත්වූයේ ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කරන ලද මයන්ත දිසානායකයි.

Related articles

spot_img
error: Content is protected !!