29.4 C
Galle

ජපානයේ භූමිකම්පාවක්

Published:

ජපානයේ කුෂිරෝ ප්‍රදේශයේ අද (25) සවස රිච්ටර් මාපක 6.0ක භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

එරට වේලාවෙන් අද (25) රාත්‍රී 8.58 සිදු වූ මෙම භූමිකම්පාවේ අපි කේන්ද්‍රය කුෂිරෝ මුහුදු වෙරළට කිලෝ මීටර 66.2ක් දුරින් පිහිට ඇති බවත් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 50ක් ගැඹුරින් පිහිටා ඇති බවත් වාර්තාවේ.

එම ප්‍රදේශයේ ගොඩනැගිලි සෙළවීමක් සිදුව ඇති අතර හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැත.

මෙම භූමිකම්පාවෙන් සුනාමි අවදානමක් නැතැයි ද ප්‍රකාශ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!