26.9 C
Galle

කොළඹ විරෝධතාවයට පොලිසියෙන් දැඩි ප්‍රහාරයක්

Published:

මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (26) කොළඹ සංවිධානය කර ඇති විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

නෙළුම් පොකුණ අසළින් ආරම්භ වූ විරෝධතා පාගමන පිටකොටුව දෙසට පැමිණීම වැළැක්වීඹ සදහා පොලිස් බල ඇණි රෝහල් චතුරශ්‍රය, පිත්තල හන්දිය, යුනියන් පෙදෙස, කොල්ලුපිටිය යන මාර්ග වසා දමා විරෝධතා පාගමන විසුරුවාහැරීමට සූදානම්ව සිටිනු දක්නට ලැබිණි.

පාගමන එම ස්ථාවලට ළඟාවන විට පොලිසිය දැඩි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බැවින් මේ වනවිට එම ප්‍රදේශ දැඩි කලබලකාරී තත්වයකට පත්ව ඇත. අති විශාල පිරිසක් මෙම පාගමනට එක්ව සිටිති. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති නායකයෝ ද එක්ව සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!