28.3 C
Galle

පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ 20ක් රෝහලේ. ජන හමුව ලිප්ටන් වටරවුම අසළ

Published:

මැතිවරණය කල් දැමීමට එරෙහිව “විරෝධය කොළඹට“ යනුවෙන් සංවිධානය කර ඇති උද්ඝෝෂණයට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇති වූ කලබලයෙන් තුවාල ලැබූ පුද්ගලයන් 20 දෙනකු පමණ රෝහල්ගත කළ බව ජාතික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

අද (26) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ අසළින් මෙම විරෝධතාව ආරම්භ කෙරිණි. එම විරෝධතා පාගමනට එරෙහිව කොටුව පොලීසිය සහ මරදාන පොලීසිය විසින් අධිකරණ නියෝග දෙකක් ද ලබාගෙන තිබු අතර එම නියෝගවලට අනුව විරෝධතා පාගමන නතර කරන ලෙස පොලීසිය විසින් විරෝධතාකරුවන්ට දැනුම් දෙනු ලැබීය.

එසේ වුව ද පොලිස් විරෝධතා පාගමන කොළඹ කොටුව සහ පිටකොටුව දෙසට ගමන් කිරීමට උත්සාහ ගැනීමත් සමඟ  ඉබ්බන්වල හන්දියේ දී පොලීසිය විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරිණි.

ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව විරෝධතා පෙළපාලියේ පැමිණි විරෝධතාකරුවන් කොළඹ ලිප්ටන් වට රවුමට රැස්වී මේ වනවිට ජනහමුවක් පවත්වනු ලබයි.

Related articles

spot_img
error: Content is protected !!