26.9 C
Galle

දුම්රියේ දී, විදේශිකයන්ගේ ලැප්ටොප් පැහැරගෙන

Published:

මරදාන සිට මාතර බලා ඊයේ (27) ධාවන වෙමින් තිබූ දුම්රියක දී රුසියන් ජාතික යුවළකගේ ලැප්ටොප් දෙකක් පැහැරගෙන ඇතැයි පොලිසිය පවසයි.

රුසියාවේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි ඔර්ලෝ ඔලේග් නමැති 32 හැවිරිදි රුසියන් ජාතිකයා ඒ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසියට පැමිණිලි කර ඇත.

තමන් දුම්රියෙන් හික්කඩුව දක්වා ගමන් කරමින් සිටි බවත්, පානදුර ආසන්නයේ දී මැදිරියේ අධික තදබදයක් තිබිය දී ඒ අසළ සිටි කළු පැහැති ටීෂර්ටයක් ඇඳි පුද්ගලයකු විසින් තම ගමන්මළු රැගෙන පළා ගිය බවත් ඔහු පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

මෙලෙස ලැප්ටොප් පැහැරගත් පුද්ගලයා නැවත දුටුවහොත් හඳුනාගත හැකි බව ද ඔවුන් පවසයි. විදේශිකයන්ගේ ලැප්ටොම් පැහැරගැනීම හේතුවෙන් දුම්රිය මදවේලාවක් පානදුර දුම්රිය ස්ථානයේ නතර කර තිබී ඇති අතර පසුව දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් එම යුවළ ‍පානදුර දකුණ පොලිසිය වෙත යැවීමෙන් පසු දුම්රිය ගමන් ආරම්භ කර ඇත.

පොලිසියේ පැමිණිල්ල සිදුකිරීමෙන් පසු එම යුවළ බසයකින් හික්කඩුව බලා ගොස් ඇති බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!