26.9 C
Galle

අම්බලන්ගොඩ දී සහ පානදුරේ දී ඝාතන දෙකක්

Published:

පානදුර පිංවත්තේ දී සහ අම්බලන්ගොඩ ගොන්නදූව ප්‍රදේශයේ දී අද (28) සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අම්බලන්‍ගොඩ කුලීගොඩ, මීටිය‍ාගො මාර්ගයේ දී යතුරුපැදියක ගමන් කරමින් සිටි සුදත් සිරි නමැති 42 හැවිරිදි පුද්ගලයකු මෙලෙස වෙඩි වැදී මියගොස් ඇත. ඔහු තම බිරිඳ රැකියාව සඳහා ඇරලවා ආපසු නිවස බලා එමින් සිටිය දී මෙසෙ වෙඩි තබා ඇත්තේ වාහනයකින් පැමිණි අයකු ද මඟ රැක සිටි අයකු ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

තුවාලකරු බලපිටිය රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.

පානදුර ගාලු පාර දෙස සිට මුහුද දෙසට දිවෙන ටී.ඩීමන් සිල්වා මාවතේ දී සුඛෝපභෝගී රථයක ගමන් කරමින් සිටි අයකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තබා පළා ගොස් ඇත. එම ව්‍යාපාරිකයා ඔහු පදවාගෙන පැමිණි රථයේ රියදුරු අසුන මත ම මියගොස් සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!