27.6 C
Galle

චීන PCR යන්ත්‍රයේ අලුත්ම තත්ත්වය

Published:

චීනයෙන් මෙරටට ගෙන්වා ක්‍රියාවිරහිත වූ පීසීආර් යන්ත්‍රය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් පීසීආර් යන්ත්‍රය පිළිබඳ සතිපතා වාර්තාවක් ලෙස මෙය හඳුන්වා තිබේ. එහි දක්වා ඇත්තේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් ම නිවැරදි කර තිබෙනව බවයි. එමෙන් ම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් දුන් බව ද චීනයෙන් පැමිණි විශේෂඥයන් තම ගමන් වියදම් හා උපදේශන ගාස්තු අයකර නොගන්නා බව ද සඳහන් කර ඇත.

චීනය පවසන්නේ හදිසි අවස්ථාවක දී ප්‍රයොජනට ගැනීම සඳහා අමතර යන්ත්‍රයක් ද ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!