29.4 C
Galle

අතුරුදන් වූ තරුණියගේ සිරුර ගැඹුරු මුහුදෙන් හමුවෙයි

Published:

අතුරුදන් වූ බව කී තරුණියකගේ මළ සිරුරක් බේරුවලට නුදුරු මුහුදේ වෙරළට සැතපුම් දෙකක් දුර පාවෙමින් තිබිය දී හමුවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම මළ සිරුර හමු වී ඇත්තේ අද (04) උදෑසන බේරුවල, මරදාන ධීවර තොටුපොළෙන් මුහුදු ගිය යාත්‍රාවකටය.

බේරුවල, මොල්ලිමලේ, පන්සල පාරේ පදිංචිව සිටි මොහොමඩ් ෆවුමින් ෂහනම් භානු නමැති 25 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇතැයි පෙරේදා (02) බේරුවල පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබිණි. මුහුදේ තිබී හමුවූයේ ඇගේ මළසිරුර බව හඳුනාගෙන ඇත.

මෙම මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ බේරුවල පොලිසිය විසින් සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!