29.4 C
Galle

කිලිනොච්චියේ කිරි ගවයන් මරුට. ඖෂධ නැතැයි පශු වෛද්‍ය අංශ කියයි

Published:

කිරි ගවයන්ගේ සිරුරේ ගෙඩි ඇති වී ඒවා පිපිරී තුවාල සිදුව ගවහන් මියයන බව කිලිනොච්චියේ ගොවීන් පවසයි. ගොවීන් පවසන්නේ දැනට ගවයන් 300කට වැඩි පිරිසකට රෝගය ඇතිවී තිබෙන බවයි. ඉන් ගවයන් 30ක් පමණ මේ වනවිට මියගොස් ඇතැයි ද පැවසේ.

මේ හේතුවෙන් කිරි ගන්නා දෙනුන්ගෙන් කිරි දොවාගැනීම ද නවතා ඇතැයි ගොවීහු කියති.

කිලිනොච්චියේ, කරච්චි, කල්මඩු, පෙරියමඩු, රාමනාදපුරම් වැනි ගම්මාන රැසක ගව පට්ටිවල ගවයන්ට රෝගය වැළඳී ඇත.

පශු වෛද්‍ය අංශ පවසන්නේ ගවයන්ට හටගන්නා පැපොල රෝගී තත්වයක් මේ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවයි. පශු වෛද්‍ය කාර්යාලවල රෝගය වැළඳුණු ගවයන්ට අවශ්‍ය ඖෂධ නොමැතිවීම ද මේ වනවිට ගැටලුවක් වී පවතී.

Related articles

spot_img
error: Content is protected !!