29.4 C
Galle

විශේෂ අවශ්‍යතා ඇති දැරියකට පහර දී ඝාතනය කරලා. මවගේ අනියම් සැමියා අත්අඩංගුවට

Published:

විශේෂ අවශ්‍යතා ඇති 07 හැවිරිදි දැරියක මවගේ අනියම් සැමියා විසින් පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර, හිරණ, ලේක්වීව් හි පදිංචිව සිටි පැල්පොලගේ රෝෂණී කවිෂ්කා පෙරේරා නමැති දැරියකි. ඇය උපතින්ම ගොළු දැරියක වීම හේතුවෙන් බණ්ඩාරගම ධම්මකිත්ති ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉගෙනුම ලැබුවාය.

පොලිසිය පවසන්නේ මෙම දැරියගේ පියා යුද හමුදා සාමාජිකයකු බවයි. ඔහු වසර කිහිපයකට පෙර දැරිය සහ බිරිඳ හැරදමා යාම නිසා මව සිඟමනේ යෙදෙමින් ජීවත් වී ඇතිබව ද පොලිසිය සඳහන් කරයි. පසුව වෙළෙඳ සැළක සේවයට ගොස් සිටිය දී දැන හඳුනාගත් පුද්ගලයකු සමඟ මව ජීවත්වීම ආරම්භ කර තිබේ.

මව සමඟ ජීවත්වන පුද්ගලයා විසින් මව සහ දැරිය එම කාන්තාවගේ මවගේ නිවස (දැරියගේ මිත්තණියගේ නිවස) වෙත කැඳවාගෙන ගොස් ඇත. එහි දී ඔහු දැරියට අමානුෂික ලෙස පහරදී ඇති බවත්, ඒ හේතුවෙන් දැරිය රෝගාතුර වූ බවත් මියගිය දැරියගේ මව පොලිසියට පවසා තිබේ. පොලිසිය පවසන්නේ නිවසේ සිටි මව හෝ මිත්තණිය ‍මියගිය දැරිය රෝහල්ගත කිරීමට හෝ කිසිදු උත්සාහයක් ගෙන නැති බවයි.

එම දැරිය අද (07) උදෑසන නිවසේ බිම එළන ලද පැදුරක් මත ම අවසන් හුස්ම හෙළා තිබුණාය. ඇගේ සිරුරේ තැලුම් තුවාල රැසක් දක්නට ඇති බවත් දත්වලින් සපා කෑ බවට විශ්වාසකළ හැකි තුවාල පවා ඇති බවත් පොලිසිය සඳහන් කරයි. දැරිය මියගිය බව දැනගත් විට සැකකරු නිවසින් පළා ගොස් ඇතත් පසුව හිරණ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!