27 C
Galle

භික්ෂුවක් ටී 56ක් පැහැරගත්තා යැයි සැකපිට අත්අඩංගුවට

Published:

පනාගොඩ යුද හමුදා කඳවුරේ නිල නිාවස සංකීර්ණයේ ඇති මුරපොළකින් ටී 566 ගිනි අවියක් පැහැරගැනීමේ සිද්ධියට සැකපිට හෝමාගම ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානය  භික්ෂුවක් සහ තවත් පුද්ගයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසිනි.

යුද හමුදා සෙබළකු සන්තකයේ තිබූ ටී 56 ගිනි අවියක්, මැගසින් 04ක්, උණ්ඩ 120ක් සහ ආරක්ෂිත බෑගයක් පසුගිය 03 වැනි දා රාත්‍රියේ පැහැරගෙන තිබිණි.

පැහැරගැනීම සිදුවූ ස්ථානයට යාබද වෙළෙඳ සැළක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි. සෝදිසි කිරීමක දී පැහැරගැනීම සිදුවූ ස්ථානය ආසන්නයේ ම පිහිටි අතුරු මාර්ගයක බෝක්කුවක් යටින් සො‍රාගත් උණ්ඩ 30ක් සහති මැගසිනයක් සොයාගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!