27 C
Galle

තරුණියක්, ලොරියකට නංවාගෙන අතවර කරලා. පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

Published:

රාත්‍රී නිවසට යමින් සිටිය දී හැඳුනුම්කමක් පෙන්වා වාහනයකට නංවාගෙන තමන්ට පුද්ගලයන් දෙදෙනකු විසින් අතවර කළ බවට 18 හැවිරිදි තරුණියක් පානදුර පොලිසියට ඊයේ (09) පැමිණිලි කර තිබේ.

පොලිසිය පවසන්නේ ලොරියේ රියදුරු සහ සහායක අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බවයි.

එම තරුණිය පානදුර ප්‍රදේශයේ වෙළෙඳ සැළක සේවය අවසන් කර රාත්‍රී නිවසට යමින් සිටිය දී කුඩා ලොරියක සිටි දෙදෙනකු ඇයට හැඳුනම්කමක් පෙන්වා නිවසට ඇරලවන බව පවසමින් ලොරියට නංවාගෙන ඇත. ඉන් පසු රථය පින්වත්ත දෙසට ගමන්කරන බැවින් ඉන් බැසීමට තරුණිය උථ්සාහ ගැනීමේ දී වාද්දුව ආසන්නයේ පාළු වත්තකට ලොරිය ධාවනය කර ගෙලට උල් ආයුධයක් තබා රියදුරා සහ අනෙක් තැනැත්තා විසින් අවස්ථා කිහිපයක් අතවර කළා යැයි පැමිණිලි කාරිය පොලිසියට දැනුම් දී ඇත.

අසාධ්‍ය තත්වයෙන් පසුවන එම තරුණිය කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඇය පවසන්නේ එම පුද්ගලයන් යළි දුටුවහොත් හඳුනාගත හැකි බවයි.

මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!