25.5 C
Galle

දැරියකට අමානුෂික ලෙස පහරදුන් කුඩම්මා අත්අඩංගුවට

Published:

තම සැමියාගේ පළමු විවාහයේ දියණියට අමානුෂික ලෙස පහරදුන්නා යැයි සැකපිට 39 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇගේ සැමියා මේ වනවිට විදේශගත වී සිටින බව ද පොලිසිය පවසයි.

මෙම දැරියට අමානුෂික ලෙස පහරදෙන දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමෙන් පසුව එ් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ රාගම පොලිසිය විසින් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. පහරකෑමට ලක්වූ දැරිය රාගම පොලිසියේ ආරක්ෂාව සහිතව රෝහල්ගත කර සිටින අතර දරුවාට සිදුව ඇති පහරදීම් පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට ද නියමිතය.

පොලිසිය කියා සිටියේ සැකකාර කාන්තාව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!