27 C
Galle

දවුලගල ඇති වූ ගැටුමකින් අයෙක් මරුට

Published:

මහනුවර, දවුලගල හන්දෙස්ස ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයකු මියගොස් දෙදනෙකු තුවාල ලබා ඇතැයි දවුලගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි අයෙකි. ඔහු හන්දෙස්සේ පදිංචිකරුවෙකි. මියගිය තැනැත්තාගේ සොහොයුරාගේ නිවසේ අය සහ යාබද නිවසක පිරිසක් ඇතර ඇති වූ ගැටුමක දී මෙම තරුණයාට තියුණු ආයුධයකින් පහරක් එල්ල වී ඇත. බරපතල තුවාල සහිතව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇතැයි පොලිසිය කීවේය.

‍මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!