26.6 C
Galle

කෝටි 16ක රත්තරන් තොගයක් කටුනායක දී අල්ලයි

Published:

රුපියල් ‍කෝටි 16ක රත්තරන් තොගයක් සමඟ පුද්ගලයන් 05 දෙනකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඔවුන් ඉන්දියාව බලා යාමට සූදානම්ව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසිනි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මුම්බායි වෙත යාමට සූදානම්ව සිටි ඔවුන්ගේ ගමන් මලු තුළ සූක්ෂම ලෙස රත්තරන් තොගය සඟවා තිබී ඇත.

ගුවන්තොටුපොළ සංක්‍රමණික ප්‍රදේශයේ රැඳී සිටි ඉන්දියානු ජාතිකයෙක් ද මෙම ජාවාරමට සම්න්ධව සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. රන් කැබලි, ජෙල් ස්වරූපයෙන් තිබූ රත්තරන් හා රන් ආභරණ කිලෝග්‍රෑම් 10.5 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ රේගු නිලධාරීන් පවසයි.

Related articles

error: Content is protected !!