27.1 C
Galle

උප්පැන්න සහතිකයේ ජාතිය අභියාචනාධිකරණයේ දී බේරා ගනී

Published:

උප්පැන්න සහතිකයේ ජාතිය “ශ්‍රී ලාංකික” යනුවෙන් ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට එරෙහිව පැවූරුපෙත්සමක් අභියාචනාධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අදාළ උප්පැන්න සහතිකයේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් ඇතුළත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඊයේ (10) එකඟ වූයේ ය.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නීතිඥ නුවන් බෝපගේ විසිනි. ඔහුගේ පුත්‍රයාගේ උප්පැන්න සහතිකය ගැනීමට ගිය අවස්ථාවේ දී පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

පසුව ඊයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ පොරොන්දුවීම මත පෙත්සම්කාර නීතිඥ නුවන් බෝපගේගේ අයිතිවාසිකම් තබාගෙන පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

නුවන් බෝපගේ විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම කැඳවන ලද්දේ විනිසුරු ලෆාර් තාහීර් විසිනි. සිය පුත්‍රයාගේ උප්පැන්න සති‍කයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් කිරීම රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බැවින් එය බල රහිත කරන්න යැයි රීට් ආඥාවක් නිකුත් කරන්න යැයි ඔහු පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පොරොන්දු වූයේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් කිරීමට හැකි බවයි.

Related articles

Recent articles

error: Content is protected !!