27 C
Galle

දුම්රිය වැසිකිළියේ දරුවා දමා ගිය යුවළ අල්ලයි

Published:

දුම්රිය වැසිකිළියක බිළිඳකු දමා ගියා යැයි සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල, නායබැද්ද සහ කොස්ලන්ද ප්‍රදේශවල දී ය. ඔවුන් ඊයේ (10) රාත්‍රී 7.00ට පමණ මඩකලපුව බලා ධාවනය වීමට නියමිත මීනගයා දුම්රියේ වැසිකිළියක දරුවා දමාගිය දෙදෙනා බව පොලිසිය සැකකරයි.

අත්අඩංගුවට ගත් දෙදෙනා ම 26 හැවිරිදි වියේ පසුවන තරුණයකු සහ තරුණියකි. තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරත අතර ඔවුන් දෙදෙනා පෙම්වතුන් බව ද පොලිසිය පවසයි. තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බව ද අනාවරණය වී ඇත. පෙම්වතියට දරුවකු ලැබීමට සිටින බව දැනගත් තරුණයා ඇය කොළඹට ගෙන්වා නතරකරගෙන ඇති බවත් දරුවා ලැබුණු පසු මෙලෙස දුම්රියේ දමා ගිය බවත් ඔවුන් පැවසූ බව පොලිසිය සඳහන් කරයි.

දරුවා 25 වැනි දා උපත ලැබූ බව ද ඔවුන් සඳහන් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!