27 C
Galle

පනාගොඩින් ගිනි අවියක් රැගෙන, භික්ෂුවකගේ උදව්වෙන් සෙබළෙක් පළා යයි

Published:

පනාගොඩ යුද හමුදා කඳවුරෙන් තවත් ගිනි අවියක් සොරකම් කරගෙන පළාගිය සෙබළකුට ආධාර අනුබල දුන්බවට සැකපිට ගොඩගම විහාරස්ථානය හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් භික්ෂුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර ඇති අතර පළාගිය සෙබළා සොයා මෙහෙයුම් දියත් කර තිබේ.

ටී 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් රැගෙන මෙම සෙබළා පළාගොස් ඇතැයි ද වාර්තා වේ. ඔහු සොයා මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.

විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ එම සෙබළා ගොඩග විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඉතාමත් සමීපව ඇසුරුකර ඇති බවයි. ගිනි අවිය රැගෙන එම විහාරස්ථානයට ගිය සෙබළා භික්ෂුවගෙන් ගිනි අවිය දැමීම සඳහා බෑගයක් ද ඉල්ලාගෙන ගොස් ඇත. මෙම සෙබළාට ආධාර සහ අනුබල දීමේ චෝදනාව අනුව භික්ෂුව අත්අඩංගුවට ගෙන ‍අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

Related articles

spot_img
error: Content is protected !!