27 C
Galle

යතුරුපැදියේ ගිය තරුණයන් තිදෙනාගෙන්, දෙදෙනකු මරුට

Published:

අම්බලන්තොට, රිදියගම පාරේ, බෝලාන හන්දිය ආසන්නයේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන එහි ගමන්ගත් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අද (12) අනතුර සිදුවන අවස්ථාවේ එම යතුරුපැදියේ තරුණයන් තිදෙනකු ගමන්කර ඇත.

මෙලෙ මියගොස් ඇත්තේ රිදියගම දියවර ගම්මානයේ පදිංචි තල්පාවිල විදානකම්කානම්ගේ ලසිඳු තිසර  (21) සහ වත්තල එ‍ඬේරමුල්ල පදිංචි තුසිත ශ්‍රීනාත් ප්‍රනාන්දු (25) නමැති දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම යතුරුපැදියේ පිටුපස ගමන්කර ඇත.

අනතුර සිදුවූ ස්ථානයේ ම එක් තරුණයකු මියගොස් සිටි අතර අනෙක් තරුණයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව වෛද්‍යවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!