27.8 C
Galle

විභාග ප්‍රශ්න පත්‍ර කලින්ම පිටවෙලා

Published:

මධ්‍යම පළාතේ අද (13) ආරම්භ වීමට නියමිත පාසල් අවසන් වාර විභාග පරීක්ෂණ ප්‍රශ්නපත්‍ර සහ පිළිතුරු ඇගයීමේ පත්‍ර සිසුන් අතට පත්ව ඇතැයි ගරුවරු චෝදනා කරති.

අද පැවැත්වෙන සිංහල විෂය ප්‍රශ්න පත්‍රය සහ ඉදිරි දිනක පැවැත්වෙන ගණිතය ප්‍රශ්න පත්‍ර මෙලෙස සිසුන් අතට පත්ව ඇත්තේ වට්ස්ඇප් සමූහ ඔස්සේය. එලෙස ලැබී ඇත්තේ 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ විභාග සඳහා අදාල ප්‍රශ්න පත්‍ර බව ද ගුරුවරු කියති.

ඇතැම් සිසුන් සතුව විෂයයන් 09ට ම අදාල ප්‍රශ්න පත්‍ර තිබෙන බව ද වාර්තා වේ.

“මේ විදියට විභාග තියලා වැඩක් නෑ. දරුවන්ගේ දක්ෂතාව මනින්න ඔවුන්ගේ දුර්වලතා හඳුනාගන්න අපි විභාග තියන්නේ. නමුත් ප්‍රශ්නපත්‍ර කලින් පිටවෙනවානම් විභාග පවත්වලා කිසිම තේරුමක් නැහැ.” ගුරුවරු කියති.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධයක්ෂ අමරසිරි පියදාස පවසන්නේ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඇගයීම් පත්‍ර පාසල්වලට ලබාදුන්නාට පසුව කිසියම් පාසලකින් මෙය පිටතට ගොස් ඇති බවයි.  විභාගය සැළසුම් කළ ආකාරයට පවත්වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවත් හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!