27 C
Galle

විමල් අත්අඩංගුවට ගන්න යැයි වරෙන්තු

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි කොලම ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (13) වරෙන්තු නිකුත් කළේය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරතවන අතරතුර මහජනයාට පීඩාකාරී වන අයුරින් විමල් වීරවංශ ඇතුළු 07 දෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් ගොනුකර තිබූ නඩුවක් අධිකරණයේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දී මන්ත්‍රීවරයා පැමිණ නොසිටි බැවින් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක සහ රොජර් සෙනවිරත්න යන පිරිසට උද්ඝෝෂණයක නිරත වූ බව සඳහන් කරමින් මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම නඩුව ලබන ජුනි මස 19 වැනි දින යළි කැඳවීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!