27.1 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 14,352ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,091ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 115ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,491ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • විදුලංකා සමාගම රුපියල් මිලියන 655
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 251
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 168

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • විදුලංකා සමාගම කොටස් මිලියන 109
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 61
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස‍්හෝල් සමාගම කොටස් මිලියන 15

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මුලර්ස් සමාගම 08%
  • බ්‍රවුනස් බීච්  සමාගම  08%
  • රේණුක හෝල්ඩින් සමාගම (X) 05%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • විදුලංකා සමාගම කොටස් මිලියන 108ක් රුපියල් 6.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 950,000 රුපියල් 142.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 3.5ක්  රුපියල් 58.00 බැගින්
  • අමානා තකාෆුල් සමාගම කොටස් මිලියන 09ක් රුපියල් 12.20 බැගින්
  • සම්පත් බැංකුව කොටස් ලක්ෂ 05ක් රුපියල් 54.80 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 286
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 848ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 823ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 25ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 24
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 17
  • ටෝකියෝ සිමෙන්ට්  සමාගම (X) රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කොළඹ ඩොක්යාර්ඩ් සමාගම රුපියල් මිලියන 13
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 10
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!