27.7 C
Galle

වැඩවර්ජන දිගටම

Published:

ජනාධිපති ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (13) රාත්‍රී පැවැත්වූ සාකච්ඡාවලින් විසඳුම් නොලැබීම හේතුවෙන් සැළසුම් කර ඇති ආකාරයට අද ((14) දිනයේ ද වර්ජනය පැවැත්වෙන බව වෘත්තීය සමිති පවසයි.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වල රෝහල්වල අද දිනයේ වර්ජනය ක්‍රියාත්මක වීමට නියමිතය.

අදාල සාකච්ඡාවේ දී අවසන් තීරණයක් නොලැබුණු බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේය.

අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න කියා සිටියේ 15 වැනි දා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!