26 C
Galle

පාසල් වාර විභාගවලට වර්ජනය බලපායි

Published:

ගරුවරුන් සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල හෙට (15) වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බැවින් පාසල් වාරවිභාගවල හෙට පැවැත්වීමට නියමිත විභාග අවලංගු කිරීමට බොහෝ පළාත්වල කටයුතු කර තිබේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ හෙට පැවැත්වීමට නියමිත විෂයයන් ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට කටයුතු යොදන බවයි.

ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලයෙන් ද හෙට විභාගය අවලංගු කරන ලෙස දැනුම් දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!