27.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 17,268  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,459 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,550ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 213
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 106
  • හේලීස් සමාගම රුපියල් මිලියන 92

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 5.9
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 04
  • පිරමල් ග්ලාස් සමාගම කොටස් මිලියන 2.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එක්ස්ටර්මිනේටර්ස් සමාගම 18%
  • සිලෝන් බෙවරේජ්  සමාගම  16%
  • පිරමල් ග්ලාස් සමාගම 12%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම කොටස් 858,000ක් රුපියල් 78.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 290
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 181ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 42ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 139ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේලීස් සමාගම රුපියල් මිලියන 47
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 34
  • බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 15

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකු රුපියල් මිලියන 12
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!