27.2 C
Galle

පෝ දා භික්ෂුවකට මත්පැන් අළෙවි කළ හෝටලයට වැඩ වරදී ?

Published:

නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටලයක දී පසළාස්වක පෝය දිනයේ (06 වැනි දා) මත්පැන් පානය කළ බෞද්ධ භික්ෂුවක්, කෑ කෝ ගසමින් විවිධ පුද්ගලයන්ට පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව හැටන් සුරාබදු කාර්යාලය පවසයි.

මෙම බෞද්ධ භික්ෂුව කළහකාරී ලෙස හැසිරෙමින් අනෙක් පුද්ගලයන්ට දැඩි හිරිහැරයක් වූ බැවින් ප්‍රදේශවාසීන්ගෙන් ද ඊට එරෙහිව විරෝධයක් එල්ල වී ඇත.

හැටන් සුරාබදු කාර්යාලයේ පරීක්ෂක ඩී.එස්.වීරසිංහ පවසන්නේ මෙම සංචාරක හෝටලයට මත්පැන් බලපත්‍රයක් ලබා දී ඇති බවයි. නමුත් පොහොය දිනයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මත්පැන් අළෙවි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් වත්වන බව ද ඔහු පවසයි.

එම හෝටලය සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වූ හෝටලයකි.

Related articles

error: Content is protected !!