27.2 C
Galle

ළමයින්ට වද දුන් පාසලේ විදුහල්පති ඇතුළු පිරිසට ඇප

Published:

නේවාසික සිසු සිසුවියන්ට කෲර වද හිංසා පමුණුවන ලදැයි සැකපිට රිමාන්ඩ් කර සිටි එම විදුහලේ විදුහල්පතිවරයා බව කියන පුද්ගලයා ඇතුළු 06 දෙනකුට  ඇප ලබාදීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි ඊයේ (15) නියෝග කළේය.

මහනුවර බොක්කාවල මොරන්කන්දේ පවත්වාගෙන යන Regency Boarding School නමැති මෙම පුද්ගලික ආයතනයේ වදහිංසා ඉවසාගත නොහැකි බව පවසමින් පාසල් සිසුවියන් තිදෙනකු පලායාම ‍හේතුවෙන් කරන ලද විමර්ශනයක දී අදාල විදුහල්පතිවරයා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදී.

රිමාන්ඩ් කර සිටි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෝසමක් ඉදිරිපත් කරමින් ඊයේ (15) ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලිමක් කර තිබිණි. එම ඉල්ලීම සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන් එක් අයකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

මෙම සැකකරුවන්ට ලබන 20 වැනි දා අධිකරණයේ පෙනී සිටින්න යැයි ද නියෝග කර තිබේ.

Related articles

error: Content is protected !!