27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 17,374  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,228 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 08ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,596ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 124
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 86
  • හේලීස් සමාගම රුපියල් මිලියන 69

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්.එන්.බී.ලීසිං සමාගම (X) කොටස් මිලියන 11
  • ඩයලොග් ආසියාටා කොටස් මිලියන 08
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සීඅයිටී සමාගම 24%
  • සීටී ලෑන්ඩ්  සමාගම 09%
  • තලවකැලේ වැවිලි සමාගම 07%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 282
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 211
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 200

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 97ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 89ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 08ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 67
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X)  රුපියල් මිලියන 18

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 79
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!