31.1 C
Galle

දුම්රියේ දමාගිය දරුවා මවට සහ පියාට බාර දෙයි. ඔවුන් අද ම යුගදිවියට

Published:

කොටුව දුම්රිය ස්ථානයේ දී මීනගයා දුම්රියේ දරුවකු දමා ගිය යුවළ අද (17) දිනයේ ම විවාහ කර ද දරුවාද ඔවුන් දෙදෙනාට භාරදෙන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.

දරුවා අද දිනය දක්වා රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි බැවින් එම දරුවා මවට සහ පියාට බාරදෙන්න යැයි එහි අධ්‍යක්ෂවරයා දැනුම් දෙන ලදී.

සැකකාර යුවළගෙන් එක් අයකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද අධිකරණය නියෝග කරන ලදී. දරුවාගේ සහ සැකකාර යුවළගේ ඩී.එන්.ඒ. වාර්තාවක් ලබාගැනීම සඳහා ඔවුන්ට ලබන 21 වැනි දා උදේ 9.00ට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ද නියෝග කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!