28.9 C
Galle

මංගල උත්සවයට පසු ගැටුමකින් එක් අයෙක් මරුට

Published:

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේහයේ පැවැති මංගල උත්සවයක දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති වූ ගැටුමකින් පස් දෙනකු තුවාල ලබා එක් අයෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මංගල ප්‍රේමවර්ධන නමැති 36 හැවිරිදි අයෙකි. ඔහු බටගොඩ, යටවර පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ පස් දෙනා කොළඹ ජාතික රෝහලේ, නාගොඩ රෝහලේ සහ හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය බවසයි.

බටගොඩ හන්දියේ දී ඊයේ (17) රාත්‍රී මේ ගැටුම සිදුව ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුර වෙල් යායක තිබී සොයාගෙන ඇත. සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. ඝාතනය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව පැති බව අඟුරුවාතොට පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!