27.5 C
Galle

කතුන් තිදෙනකු මරා රන් භාණ්ඩ සොරගත්තා යැයි සැකකරවකු අල්ලයි

Published:

කාන්තාවන් තිදෙනකු ඝාතනය කර දේපළ කොල්ලකන ලදැයි සැකපිටඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යගිරල ප්‍රදේශයේ පදිංචිබව කියන 34 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඇල්පිටිය, අවිත්තාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු දේපළ කොල්ලකෑම සදහා කාන්තාවන් තිදෙනකු ගෙල සිරකිරීමෙන් මරා දමා ඇතැයි සැකකරයි. ඔහුට එරෙහිව මතුගම, කළුතර සහ ඇල්පිටිය අධිකරණවල නඩු පවතින බව ද අනාවරණය වෙයි. ඔහුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වල දී රන්මාලක්, කරාබු ජෝඩු 03ක්, ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.

Related articles

error: Content is protected !!