31.1 C
Galle

කිඹුලකු පැමිණීමෙන් සංචාරකයෝ භීතියට පත්වෙති

Published:

අලුත්ගම, මොරගල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි පුද්ගලයන් අතරට අද (19) දහවල් අඩි 10ක පමණ දිග කිඹුලකු පැමිණ ඇතැයි සංචාරක පොලිසිය පවසයි.

එම අවස්ථාවේ විදේශීය හා දේශීය සංචාරකයන් විශාල පිරිසක් මුහුදේ දිය නාමින් සහ විනෝද වෙමින් සිටි බව ද වාර්තා වේ. මෙම කිඹුලාගේ පැමිණීම සම්බන්ධයෙන් සංචාරක පොලිසිය විසින් හික්කඩුව වනජීවී කාර්යාලය දැනුම්වත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!