28.2 C
Galle

පොලිස්පතිධූරයට පත්කළ යුත්තේ කවුද ? නීතිඥ සංගමය ජනපතිට කියයි

Published:

පොලිස්පති ධූරය සඳහා හොඳම පත්කිරීම කරන්න යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

වර්තමාන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ලබන 23 වැනි දා විශ්‍රාම යන බැවින් එම තනතුර පුරප්පාඩු වීමට නියමිතය.

යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යාවශ්‍ය වන බැවින් එම දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා පත්කිරීමේ දී සුදුසු ම පුද්ගලයාට අදාල තනතුර දීම අත්‍යාවළුශ්‍ය බව ද නීතිඥ සංගමය සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.

මෙතෙක් සිටි බොහෝ පොලිස්පතිවරුන්ට ස්වාධීනත්වයක් නොමැතිකම, දේශපාලනීකරණය වී සිටීම පොලිස් ම්ලේච්ඡත්වය, වෘත්තීයභාවය නොමැතිකම, පොලිස් භාරයට ගත් පුද්ගලයන් ඝාතනය කිරීම හෝ මියයාම, යන මේ සියල්ල හේතුවෙන් ජනතා විශ්වාසය අහිමි වී බව ද එම සංගමයේ අදහසයි.

Related articles

error: Content is protected !!