26.9 C
Galle

පාසල් සිසුවකු හදිසියේ ම මියයයි

Published:

පානදුර, ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු ක්‍රීඩාපිටියේ දී ඇද වැටී මියගොස් ඇතැයි පින්වත්ත පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිත 16 හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු කළුතර උතුර, ආබෘෘ මාවත පදිංචිව සිටි සිසුවකු බව ද දැනගන්නට ඇත.

එම සිසුවා තවත් සිසුන් පිරිසක් සමඟ ක්‍රීඩාපිටියේ ක්‍රීඩා කරමින් සිට පැමිණ වතුර බිව් බවත්, වතුර බීමෙන් පසු ඇද වැටී ඇති බවත් අනෙකුත් සිසුන් පොලිසියට පවසා තිබේ. එම සිසුවා පානදුර මූලික රෝහලට ඇතුළත් කර මදවේලාවකින් මියගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

මියගිය සිසුවාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!