26.9 C
Galle

පුද්ගලයකුගේ දෙඅත් කපා රැගෙන ගිහින්

Published:

මොරටුව කොරළවැල්ලේ දී පුද්ගලයකුගේ අත් දෙක තියුණු ආයුධයකින් කපා රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස දෙඅත් අහිමිව ඇත්තේ මොරටුව කොරලවැල්ල පදිංචි විදුලි කාර්මික ශිල්පියෙකි. එම පහරදීම සිදුවූ මෙ‍ොහාතේම 1990 ගිලන් රථයකින් තුවාලකරු පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් අත් කපා දැමූ සැකකරු එම දෙඅයත් රැගෙන ගොස් තිබූ බැවින් බද්ධ කිරීමක් ද සිදුකිරීමට නොහැකි වී ඇත.

තමන්ට පහරදුන් පුද්ගලයා පිළිබඳ තොරතුරු තුවාල කරු විසින් ලබාදුන්න ද එම සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි ද පොලිසිය සඳහන් ‍කළේය.

Related articles

spot_img
error: Content is protected !!