26.9 C
Galle

මව සොයාගෙන ගිය දරු දෙදෙනා නොඑ‍න ගමන් යති

Published:

හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය පහරට හරහා ගොස් එගොඩවීමට උත්සාහ ගත් කුඩා දරුවන් දෙදෙකු මියගොස් ඇතැයි ‍හාලිඇල පොලිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, හාලිඇල බෝගොඩ කොකටියමලුව ප්‍රදේශයේ පදිංචි බෝධිපක්ෂලාගේ යසිඳු (10) සහ රශ්මි නිතීකා (07) යන අයියා සහ නංගී දෙදෙනාය. අයියා බෝගොඩඩ මහ විදුහලේ 05 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බවත් නැගණිය එම පාසලේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බවත් පොලිසිය කියයි.

ඊයේ (23) සවස ඇති වූ ධාරානිපාත වර්ෂාවයත් සමඟ තම මව සිටි ස්ථානයක් වෙත දරුවන් ගොස් ඇතැයි ද සැකයක් පවතී. ඔවුන් පිහිල්ලේ දිය කඳුරට බැස එගොඩවීමට උත්සාහ ගනිද්දී මෙලෙස ගසාගෙන ගොස් ඇත.

දරුවන්ගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර මව සමඟ දරු දෙදෙනා නිවසේ සිට ඇතැයි ද වාර්තාවේ.

Related articles

spot_img
error: Content is protected !!