30.5 C
Galle

කටාර් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයෙක් මරුට තවත් අයෙක් අතුරුදන්

Published:

කටාර්හි, බින් ඩර්හැම් හි අල් මන්සුරා ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකිකයකු මියගොස් තවත් ශ්‍රී ලාංකිකයකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ නිශ්ශංක ද සිල්වා නමැති 56 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ පුත්‍රයා විසින් මළ සිරුර හඳුනාගෙන ඇත. එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ අබ්දුල් රසාක් ජමීල් නමැති 60 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු ද අතුරුදන්ව සිටින බවයි.

ඊයේ (23) කඩා වැටී ඇති ගොඩනැගිල්ල මහල් 04කින් යුක්ත එකකි. මියගිය සහ අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා එම ගොඩනැගිල්ලේ නතර වී රැකියාවක නිරත වී ඇතැයි ද වාර්තා වේ.

Related articles

error: Content is protected !!