30.5 C
Galle

දැරියට යෙදූ ආරක්ෂිත වැට, දැරියගේ මාරකයක් වෙයි

Published:

දරුවාගේ ආරක්ෂාවට ඇඳක් වටා ඉදිකර තිබූ ලී වැට දරුවාගේ මරණයට හේතුවීමේ සිද්ධියක් ඌවපරණගම ප්‍රදේශයේන වාර්තා වේ.

දරුවා ඇ‍ඳෙන් වටීම වළක්වාගැනීම සඳහා මේ වැට ඉදිකර තිබී ඇත. එම වැටේ ම හිර වී දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක සිටි හර්ෂණී මධුෂිකා නමැති වයස මාස 07ක දැරියකි. දැරිය ඇඳ මත තබා මව වෙනත් කාර්යයක නිරතව සිට ඇත. පසුව මව පැමිණ බලද්දී දරුවා ආරක්ෂිත වැටේ හිරවී සිටිනු දැක වැවේගම රෝහලට රැගෙන ගිය ද ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව පොලිසිය කියයි.

මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර දියතලාව රෝහලට යවා ඇත.

Related articles

error: Content is protected !!