26.9 C
Galle

නොමිළයේ සහල් දීමට රජය සැරසෙයි

Published:

මෙවර යල කන්නයේ මිල දී ගන්නා ලද සහල් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට නොමිළයේ බෙදාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

සහල් මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර තිබූ බවත් එමගින් වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට ඉලක්ක කරගත් බවත් හෙතෙම කීවේය. මෙම මිල දී ගැනීම් සිදුකරන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙනි.

එම වී සහල්බවට පත්කර අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදාදීම හෙට (27) සිට ආරම්භ කිරීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ එක් පවුලක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදාහැරීම සිදුකරන බවයි මෙම සහල් සහනාධාරය සැළසුම් කර තිබුණේ පවුල් ලක්ෂ 20කට වුව ද එය ලක්ෂ 29ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!