27.6 C
Galle

පැලියගොඩින් මින්නේරියට පලාගිය ආසාදිතයන් 04ක් අල්ලයි

Published:

කොරෝනා වයිරසයට ගොදුරු වූ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවකයන් 04 දෙනෙක් ඇතුළු 07 දෙනකු මින්නේරියට පලාගොස් සිටිය දී අද (07) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෝදර දී ඔවුන් 07 දෙනාගේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබූ අතර එහි ප්‍රතිඵල ලැබීමට පෙර මොවුන් පලාගොස් තිබිණි.

ධීවර සංස්ථාවට අයත් මින්නේරිය නිවාඩු නිකේතනයේ කිසියම් පිරිසක් රැඳී සිටින බවත් ධීවර සංස්ථාවේ ලොරියක් එහි නවතා ඇති බවටත් ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම 07 දෙනාගෙන් 04 දෙනෙකු ආසාදිතයන් බවයි. ඔවුන් බදුල්ල, මෝදර හා කඩුවෙළ පදිංචි කරුවන් බව ද හඳුනාගෙන ඇත. මෙම පිරිසගේ ආශ්‍රිතයන් හා මින්නේරිය දක්වා පැමිණි ගමනේ දී ඔවුන් ඇසුරුකළ පුද්ගලයන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!