27 C
Galle

කෘෂි නිලධාරිනිය මහ මඟ මරාදාලා

Published:

තංගල්ල, නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ දී අද (27) උදෑසන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරියක ඝාතනය කර ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.

ඇය සිය රැකියාව සඳහා යමින් සිටිය දී සැඟවී සිටි පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් ඇන මෙලෙස ඝාතනය කර ඇත.

මියගොස් ඇත්තේ වැලිආර පදිංචි දීපශිකා ලක්රුවිනි විජේදාස නමැති 28 හැවිරිදි විවාහක කාන්තාවකි.

මල සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා තංගල්ල මහ රෝහලට ගෙනගොස් ඇත. පොලිසිය පවසන්නේ ඝාතනයට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි.  

Related articles

spot_img
error: Content is protected !!