27 C
Galle

පෙට්‍රල් ෂෙඩ් විදෙස් සමාගම්වලට දීමට අනුමැතිය ලැබෙයි

Published:

විදේශ සමාගම් තුනකට මෙරට ඉන්ධන අළෙවි සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි.

මෙලෙස අවසර ලබා දී ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් තුනට ය. ඒ අනුව දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අළෙවි නියෝජිතයන් මගින් මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් පිරවුම්හල් 450ක් මෙලෙස ලබාදීමට නියමිතය. 

එම සමාගම්වලට ඛනිජ තෙල් සෘජුව ආනයනය කිරීමට, ගබඩා කර තබාගැනීමට, බෙදා හැරීමට සහ අළෙවි කිරීමට අවශ්‍ය බලපත්‍රයක් වසර 20ක කාලයක් සඳහා ලබාදීමට නියමිත ය.

Related articles

spot_img
error: Content is protected !!