27 C
Galle

අපවහන ජලය පිරි වළකට ඇදවැටී දෙදෙනකු මරුට

Published:

අපද්‍රව්‍ය සහිත වළකට වැටීමෙන් කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරු සේවකයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අද (27) දහවල් කොළඹ, කොටහේන ප්‍රදේශයේ ගලි වළක නල පද්ධතිය අලුත්වැඩියා කරමින් සිටිය දී එක් කම්කරු‍වකු එහි ඇතුළට ඇද වැටී ඇත. ඔහු බේරාගැනීමට අනෙක් කම්කරුවා එම වළතුළට බැස ඇති අතර ඔහු ද එහි ගිලී ඇති බව පොලිසිය පවසයි.

මද වේලාවකින් ‍ගොඩට ගත් එම කම්කරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!