27 C
Galle

වන අලි ප්‍රහාරයෙන් වනජීවී නිලධාරියෙක් මරුට

Published:

වන අලි රංචුවක් පලවාහැරීමේ රාජකාරී කටයුතු අතරතුර දී වන අලියකු පහර දී රිටිගල වනජීවී කාර්යාලයේ වනජීවී ආරක්ෂක ප්‍රධානියා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

බී.එම්.විජේකෝන් (48) ඔහු මාතලේ පදිංචිකරුවෙකි.

ගලෙන්බිඳුණු වැව පඩිකාර මඩුව ප්‍රදේශයට කඩා වැදී සිටි 100කින් පමණ යුතු අලි රංචුවක් නැවත වනාන්තරයට පළවාහැරීම සඳහා ඔහු ඇතුලු වනජීවී නිලධාරීන් 20 දෙනකු පමණ සහභාගී වී ඇත. අලි වෙඩි ගසමින් අලි පලවාහැරීමේ කටයුතු සිදුකරන අතරතුර කුපීත වූ අලියකු මියගිය නිලධාරියා පසුපස පන්නාගෙන පැමිණ පහර දී ඇතැයි ද පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!