27 C
Galle

තෙල් සේවකයන් පිරිසක් අනිවාර්ය නිවාඩු යවයි

Published:

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට අද (29) දිනයේත් බාධා සිදුවන ආකාරයෙන් කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් 20 දෙනකු පමණ දැනටමත් අනිවාර්ය නිවාඩු යැවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල බාධාවන අයුරින් කිසියම් පුද්ගලයකු බාධා කළහොත් තරාතිරම නොබලා ඔවුන් අනිවාර්ය නිවාඩු යවන බව ඊයේ රජය නිවේදනය කළේය. ඊට අදාලව ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරිණි. අද (29) දිනයේ දී ද එම දැනුම් දීම නොතකා ඉන්ධන බෙදාහැරීම්වලට බාධා කළ සේවකයන් මෙලෙස අනිවාර්ය නිවාඩු යවා ඇත.

එම සේවකයන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය, තොග පසේවා පරිශ්‍රය තහනම් කලාප බවට පත්කර ඇතැයි ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!