29.4 C
Galle

සියලු ඉන්ධන වර්ග මිල අඩුකරයි

Published:

ඉන්ධන මිල අද (29) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60.00කින් අඩුකර ඇත. නව මිල රුපියල් 340.00කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135.00කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375.00ක් වෙයි.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80.00කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325.00 කි.

සුපර් ඩීසර් ලීටරයක් රුපියල් 45.00කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465.00ක් වෙයි.

භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10.00 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295.00කි.

IOC ඉන්ධන මිල වෙනස් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැත.

ඉන්ධන වර්ගයපැවති මිලඅඩු කළ මුදලනව මිල
පෙට්‍රල් 92 ඔක්ටේන්400.0060.00340.00
පෙට්‍රල්  95 ඔක්ටේන්510.00135.00375.00
ඔටෝ ඩීසල්405.0080.00325.00
සුපර් ඩීසල්510.0045.00465.00
භූමිතෙල්305.0010.00295.00
මිල සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රුපියල්වලිනි

Related articles

error: Content is protected !!