29.4 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 12,000ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 912ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,228  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 124
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 71
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 62

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාම කොටස් මිලියන 6.2
  • එස්එන්බී ලීසිං සමාගම (X)  කොටස් මිලියන 5.5
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 4.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සීඩීබී සමාගම 5%
  • කප්රුක සමාගම 4%
  • රේණුක ෆුඩ්ස් සමාගම 4%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 255
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 27 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 117ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 90ක මුදලක් කොටස් වෙළෙඳ  පොළින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 4.8
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 3.5
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 3.4

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 60
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 46

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!