27.1 C
Galle

පාසල් සිසුවකු පැදවූ රථයකට, පොලිස් නිලධාරියකු යටවෙයි

Published:

පොලිස් නිලධාරියකු වෑන් රථයකට යටකර පළාගිය පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි පාසල් සිසුවෙකි.

කොල්ලුපිටිය මුහුදු මාවතේ කාල්විල් හන්දිය ආසන්නයේ රථවාහන රාජකාරීවල නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස අනතුරට ලක්ව ඇත. බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

කොළඹ දෙස සිට මුහුදු මාවත ඔස්සේ අපරික්ෂාකාරී ලෙස වෑන් රථය ධාවනය කරමින් පොලිස් නිලධාරියකු ද යටකර පළාගිය පාසල් සිසුවා අත්අඩගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය.

කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!