27.1 C
Galle

කෝටි 85,000ක් පාඩු කරපු ආයතන තුන මෙන්න

Published:

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරේ පළමු මාස 08ක කාලයේ දී රුපියල් කෝටි 85,400ක් පාඩු ලබා ඇතැයි වාර්තා වේ.

මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ විසිනි.

රාජ්‍ය මූල්‍ය අවදානම අවම කර ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ  ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය මත පදනම්වූ මිලකරණයකට යෑමේ  සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය  කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු පවසන්නේ මෙම රාජ්‍ය ආයතන නගා සිටුවීමට නම් රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරීත්වය යටතේ මෙම ආයතන පවත්වාගෙන යා යුතු බවයි.

Related articles

spot_img
error: Content is protected !!